මානසික රෝග ප්‍රතිකාර වෙනුවෙන් භාවිත කරන ඖෂධවලින් කිසිදු කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සංගමය පෙන්වා දෙන්නේ, මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරී හැසිරීමට හේතුව මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැඳවියන් විසින් භාවිත කිරීම බවට ප්‍රකාශ කිරීම වැරදි ආකල්පයක් ඇති කිරීමක් බවයි.
අදාළ ප්‍රකාශය ජනතාව තුළ මානසික රෝග හා ඒ සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව වැරදි මතයක් ඇති කරන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ නිවේදනයේ මෙලෙස දැක්වෙයි.
“පසුගිය දින කිහිපය තුළ දී මහර බන්ධනාගාරයේ දී සිදු වූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකර කරන ඖෂධ එම රැඳවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබිණි. මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරදි ආකල්පයක් මානසික රෝග හා ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පහත පැහැදිලි කිරීම සිදු කෙරෙ. මානසික රෝගීන් ප්‍රචන්ඩකාරී හැසිරීම පෙන්විය හැකි යැයි අද සමාජජයේ තිබෙන මතයද මෙම පුවතට බලපාන්නට ඇති නමුත් බොොහ් විට සිදුවන්නේ මානසික රෝගීණ් නිසා අන් අයට කරදර සිදුවනවාට වඩා අන් අයගෙන් රෝගීන් අපහසුතාවයට පත්වීමයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිතා වන අතර ඒවා අන්තර්ජාතික හා ජාතික වශයේන පිළිගත් නියාමනයන්ට යටත් වේ. මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිළිගැනීම්වලට අනුව නිර්දේශ කිරීම තුළින් අති මහත් රෝගීණ් සංඛ්‍යාවකගේ මාසනසික රෝග සමනය වූවා පමණක් නොව ඔවුන්ගේ ජීවන ත්තත්වය නගාසිටුවීමට හේතුවිය. මෙම ඖෂධ කිසි විටෙක ප්රචණෟඪථෟළ්යු උෑථී ෆණෘඛඍණ උථඍ ඛළශඛෘඍී බව අඩු කිරීමට උපයෝගි කර ගැනේ.
නිසි ප්‍රතිකාර මගින් මානසික රෝග බොහෝ දුරට සුව කළ හැකි අතර නැවත නැවත රෝග ත්තත්වය ඇතිවීම වැළැක්වීටම ද හේතුවෙයි. ඒ සඳහා භාවිතා කරන ඖෂධ මඟින් කිසිම කලහකාරී හැසිරීමක් ඇති නොවන බවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය වන අපි යළිත් අවධෘඍණය කර සිටිමු. මෙවැනි ප්‍රවෘත්තිවලින් නොමග නොයා මානසික ගැටලු ඇති විට වහාම ප්රතාකරවලට යොමුවන ලෙසත් අපි රෝගීන්ගෙන් ඉල්ලා සිටිමු.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්