මහර බන්ධනාගාරයේ ඊයේ හටගත් නොසන්සුන්තාවය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්ද කමිටුවක් පත් කර තිබෙනවා.
සිද්ධිය විමර්ශනය කර පූර්ණ වාර්තාවක් ලබාදීමයි ඔවුන්ට පැවරී ඇත්තේ.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය එහි සභාපතිත්වය දරනු ඇති.
සිද්ධියට පාදක වූ කරුණු / ඉදිරියේදි එවැනි සිදුවීම් වළක්වා ගැනීමට ගතයුතු පියවර ඇතුළත් නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඔවුන් විසින් යොමු කල යුතු වනවා.
අදාළ කමිටුව විසින් සතියක් ඇතුළත අතුරු වාර්තාවක්ද මාසයක් ඇතුළත කෙටිකාලීනව හා දීර්ඝ කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක්ද මෙම කමිටුව මගින් ඉදිරිපත් කල යුතු බවයි අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා විසින් දන්වා ඇත්තේ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග