මහර බන්ධනාගාරයේ ගබඩා කර තිබු ඖෂධ වර්ග පිලිබද විශේෂඥ වාර්තාවක් කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කලා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ අදාළ ඖෂධ පානය කර බන්ධනාගාර රැදවියන් ආවේගශීලි ලෙස හැසිරුණු බවට පල වන වාර්තා සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනිම සදහා එම වාර්තා ලබා ගන්නා බවයි.
මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුලුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ප්‍රකාශ 30ක් ලබා ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ