පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු අතර එහිදී රැදවියන් 11 දෙනෙකු මියගියා.
එම මියගිය රැඳවියන් 9 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වූ බව රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.
රැඳවියන් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර තුවාල ලැබූ රැදවියන්ගෙන් 38 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාදිතයන් බව වාර්තා වෙයි.
ඔවුන්ගෙන් 29 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග