මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 71 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති අතර ඉන් බහුතරයක් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවයි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා සඳහන් කලේ.
ඔවුන් අතරිනුත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහලේ අධ්‍යක්ෂවරයා කියාසිටියා.
කෙසේවෙතත් තුවාල ලැබූ තවත් කොපමණ පිරිසක් බන්ධනාගාරය ඇතුළත තවමත් සිටී දැයි නිල තොරතුරු නොමැති බව අධ්‍යක්ෂවරයා කියාසිටියා.
ඊයේ පස්වරුවේ හටගත් මෙම නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකුද වනවා.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඞ් 19 වෛරසය ආසාධනයවීමත් සමග තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දරා තිබුණා.
එහිදී හටගත් නොසන්සුන්තාවය පාලනයට පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට සිදුව තිබුණා.
නොසන්සුන්තාවය පාලනයට වෙඩි තැබීමටද සිදුවූ බවයි ආරක්ෂක අංශ සඳහන් කලේ.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග රැඳවියන් විසින් ඇති කල ගින්න අද පෙරවරුවේ මැඩ පැවැත්වීමට හැකිවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්