මහර බන්ධනාගාරයේ පෙරේදා රාත්‍රියේ ඇති වූ සිද්ධියෙන් 09 දෙනෙකු මියගිය අතර 107 දෙනෙකු තුවාල ලබා තිබෙනවා .
ඉන් 09 දෙනෙකුට පමණ බරපතල අතර 15 දෙනෙකුට ශල්‍යකර්ම සිදු කළ බවද රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්ප්පති අජිත් රෝහණ කියා සිටියේ සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමේදී ඔවුන් හඳුනා ගැනීම සඳහා ලබාදී තිබූ අංක සහ අදාළ ලිපි ලේඛණ විනාශ වී තිබීම බාධාවක් වී තිබෙන බවයි
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියත් සමඟ එහි අභ්‍යන්තර දේපලවලට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය පවසනවා. එම හානි වූ දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අද දිනයේදී ලබාගැනීමට නියමිතයි.
කෙසේ වෙතත්, බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන් 400 ක බල ඇණියක් තවදුරටත් යොදවා තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග