මහර බන්ධනාගාරයේ පසුගිය නොවැම්බර් 29 වන දා ඇති වූ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අද (30) පස්වරුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාර දී තිබෙනවා.
කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදීම සිදු කළ අතර කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් රණවීර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
අදාළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයා ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස් වීමට යොමු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර නැහැ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග