මහර බන්ධනාගර නොසන්සුන්තාවයේදී මියගිය රැඳවියන් 11 දෙනාම වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණ වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් මණ්ඩලය විසිනුයි එය අධිකරණයට දැනුම් දුන්නේ.
මින් පෙර රැඳවියන් 08 දෙනෙකුගේ මරණවලට හේතුව වෙඩි වැදීම් බව අනාවරණ වූ අතර ඔවුන් කොරෝනා ආසාධිතයින් ලෙස හදුනාගැනීම හේතුවෙන් එම සිරුරු ආදාහනය කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.
අනෙක් රැඳවියන් 03 දෙනාගේ මරණවලට හේතුව ද වෙඩි වැදීම් බව අධිකරණයට අද දන්වා සිටියා.
ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවීම හේතුවෙන් ඥාතීන්ගේ එකගතාවය මත සුදුසු ස්ථානයක රජයේ වියදමින් භූමදානයට පියවර ගන්නා ලෙසයි වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ