මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.
ඉන් අනතුරුව සම්පුර්ණ වාර්තාවක් කැඳවීමටත් මෙවන් සිදුවීම් යළි ඇති නොවීමට නිදේශ ලබා ගැනීම සදහාත් කටයුතු කරනු ඇති.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරුන්.
මහර බන්ධනාගාරයේ කොරෝන අසාදිත රැඳවියන් 187 දෙනෙකු කොළඹ බන්ධනාගාරයේ විශේෂ ඒකකයක් වෙත රැගෙනවිත් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්ප්පති අජිත් රෝහණ කියා සිටියේ රැඳවියන් අතර සිදු වු ගැටුම් වලින් ද බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.
නිළධාරීන් දෙදෙනෙකු ඇතුලු තුවාල ලැබු 109 දෙනෙකු රෝහල් ගත කර ඇති බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග