තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2021 අප්‍රේල් 16 වැනි දින පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවති උත්සවයක දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි අසෝලේ මහත්මිය වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.
ඉන් පසුව පැවති සංවාදය අතරතුර දී තානාපති ශානිකා හිරිඹුරේගම මැතිනිය යුනෙස්කෝව සමඟ සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ස්ථාවර ප්‍රගතිය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ යුනෙස්කෝවේ අනුග්‍රහය යටතේ සලකා බැලිය හැකි වැදගත් සංස්කෘතික ස්ථාන කිහිපයක් ද පවතින බව ද එතුමිය සඳහන් කළාය.
යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි අසෝලේ මහත්මිය සිය අදහස් දැක්වීමේ දී යුනෙස්කෝවේ අනුග්‍රහය යටතේ ගුරු සංවර්ධනය සඳහා දකුණු ආසියානු මධ්‍යස්ථානය (SACTD) ඇතුළු යුනෙස්කෝවේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය අගය කළාය.
ඉදිරියේ දී යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.
යුනෙස්කෝව සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය,
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරිස්
2021 අප්‍රේල් 21 වැනි දින
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්