කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට මාස 3 ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (6) සම්මත විය.
මෙම නිවාඩුව ලබාදී ඇත්තේ විදේශගතව සිටියදී ඔහු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.
කෙසේ වෙතත් තමා ලබන 8 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව මහින්ද සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
සමරසිංහ මහතාට නිවාඩු ලබා දීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි .
- Lankadeepa
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක