ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ ට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ පළමු තරඟය අහිමි විය හැකි බව වාර්තා වෙයි.
ඒ, ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරඟය අතරතුරදී ඔහු සුළු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරඟය හෙට (24) බංග්ලාදේශය සමග පැවැත්වෙයි.
මේ අතර මෙවර තරගාවලියේ සුපිරි වටය අද (23) ආරම්භ වෙයි.
පළමු තරඟය ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අබුඩාබි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම අරොන් ෆින්ච් විසින් මෙහෙයවන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම ට නායකත්වය දෙනු ලබන්නේ ටෙම්බා බවූමා විසිනි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි