මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත වැසින්ගෙන් හා චෙන්නායි කිංග්ස් ක්‍රීඩාලෝලීන්ගෙන් දැඩි අප්‍රසාදයක් එල්ලවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ මහීෂ් තීක්ෂණ හමුදා නිලධාරියෙක්වීම මෙලෙස එම ප්‍රාන්ත වැසියන්ගේ අප්‍රසාදය පළවීමට හේතුවී ඇති බවයි.
30 වසරක් පුරාවට පැවති යුද්ධයේදී දමිළ වැසියන්ට සිදුවු තාඩන පීඩන කිසිසේත් අමතක කළ නොහැකි බවත් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී තමිල්නාඩු ධීවරයන්ට හිරිහැර සිදුවන පසුබිමක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීම අනුමත කළ නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේ නමුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය සති අන්තයේදී බැංග්ලෝර්හිදී පැවැත් වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි