ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වූ මහේල ජයවර්ධන මහතා හෙට (03 වැනිදා) කැඳවීමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය තීරණය කර තිබේ.
මහේල 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආසන්නතම හිටපු නායකයා වේ.
ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ හෙට පෙරවරු 9.00 ට සිය ඒකකයට මහේල පැමිණීමට නියමිත බවයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි