ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ තරඟ සඳහා උපදේශකයෙක් ලෙස කණ්ඩායමට සහාය දැක්වීය.
ඔහු එම සේවය ලබාදී තිබුණේ කිසිදු අයකිරීමකින් තොරවය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සිය අවසාන මූලික වටයේ තරඟය නෙදර්ලන්ත ට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත අතර මහේල ඒ අනුව නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්විණි.
කණ්ඩායම සමග කටයුතු කළ කෙටි කාලය තුළදී වෙනස්කම් කිහිපයක් කිරීමට මහේල දායක වූ අතර ඉන් ප්‍රධාන වෙනස්කමක් ලෙස සැලකෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු ව අංක 4 පිතිකරු ලෙස පිටියට එවීමට ගත් තීරණය යි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි