එක්සත් ජනපද යුධ හමුදා අණදෙන සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ ජාත්‍යන්තර සදාතනික විශිෂ්ටයන්ගේ ලේඛනයට හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළත් කර තිබෙනවා.
එළෙස සදාතනික විශිෂ්ටයන්ගේ ලේඛනයට ඇතුලත් වූ පළමු ශ්‍රී ලංක යුධ හමුදාපතිවරයා මහේෂ් සේනානායක මහතා වීම විශේෂත්වයක්.
පසුගිය අඟහරුවාදා පැවති උත්සවයකදී ඔහු වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමීම සිදු කර ඇත්තේ කැන්සාස් ෆෝට් ලීවන්වර්ත්හි පිහිටි එක්සත් ජනපද හමුදා අණ සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ අයිසන්හවර් ශ්‍රවණාගාරයේදීයි.
මෙහිදී සදාතනික විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට එක් වූ බවට දැක්වෙන සම්මානයක්ද හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට පිරිනමා ඇති අතර මෙම ජාත්‍යන්තර සදාතනික විශිෂ්ටයින්ගේ ලයිස්තුවට එක් වූ 286 වැනියා ලෙසයි ඔහු ඉතිහාසයට එක්වන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්