මහ කන්නයේ වී මිලදී ගැනීම අද (12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
අද පස්වරු 3.30 ට පමණ අම්පාර, අක්කරේයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී මහ කන්නයේ වී මිලදී ගැනීමේ සමාරම්භක වැඩසටහන පැවැත්වෙනු ඇති.
ඒ අනුව ප්‍රමිතිගත සම්බා වී, තෙතමනය සියයට 14 ක් සහිත කිලෝවක් රුපියල් 52 බැගින්ද, තෙතමනය සියයට 14 ත් සියයට 22 ත් අතර කිලෝවක් රුපියල් 44 බැගින්ද මිලදි ගැනීමට නියමිතයි.
ප්‍රමිතිගත නාඩු වී, තෙතමනය සියයට 14 ක් සහිත කිලෝවක් රුපියල් 50 බැගින්ද, තෙතමනය සියයට 14 ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 46 බැගින්ද මිලදි ගැනීමටයි කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට