ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිලිබදව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස “මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව” නමින් නව දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.08.10 දින සිට ස්ථාපනය කරන ලදී.
ආරම්භයේදී ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන පිළිබඳ මූල්‍ය පාරිභෝගික පැමිණිලි සහ දුක්ගැනවිලි කෙරෙහි මෙම මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනු ලබන අතර වෙළෙඳපොළ හැසිරීම අධීක්ෂණය කිරීම, පාරිභෝගික සවිබල ගැන්වීම, මූල්‍ය පාරිභෝගික අධ්‍යාපනය, මූල්‍ය සේවා සපයන ආයතනවල අසාධාරණ තරගකාරීත්වය නියාමනය කිරීම වැනි ක්ෂේත්‍ර දක්වා ආවරණය පුළුල් කිරීම අපේක්ෂා කෙරෙනු ඇත. මෙම ආරම්භයේ අවසාන පරමාර්ථය වන්නේ ශී‍්‍ර ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ පාරිභෝගිකයන්ගේ සහ ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීමය.
ඒ අනුව පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනවලට අදාළ විමසීම්, පැමිණිලි සහ දුක්ගැනවිලි යොමු කිරීමට මහජනතාවට අවස්ථාව සලසෙනු ඇත.
දුරකථන : 94 11 247 7966
ෆැක්ස් : 94 11 247 7744
තැපැල් ලිපිනය : මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
විද්‍යුත් තැපැල් ලිපිනය : fcrd@cbsl.lk
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්