ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
අදාළ සේවකයා මහ බැංකුවේ ආපන ශාලාවේ සේවකයෙක් බවටත් ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටත් තොරතුරු වාර්තා වනවා.
ආසාදිත සේවකයා හඳුනාගැනීමත් සමගින් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මහ බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන නමුත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා ඊයේ(20) සිට සති දෙකක කාලයක් නිවසේ සිට සිය සේවා සපයන බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එසේම මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වීට හදිසි ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් ද පිහිටුවා තිබෙනවා.
කොරෝනා ආසාදිත ආදාළ සේවකයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්