පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද(08) රැස්වෙයි.
අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ දී මැතිවරණ දිනය පිළිබද තීරණය කිරිමට නියමිතයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද කොමිසමේ සියලු සමාජිකයින්ගේ එකඟතාව මත ප්‍රකාශයට පත් කරන බවයි.
එහෙත් මහ මැතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශ කිරීම අවිනිශ්චිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පවසා සිටියා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති