මාතලේ වතුර කපන ප්‍රදේශ මෙන්න.
මාතලේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, අද (10) පෙරවරු 08.00 සිට හෙට (11) පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
උඩුගම, පළාපත්වෙල, දොස්තරවත්ත, දුංකොළවත්ත හා සමන්දව නිකවල බී කොටස යන සියලු ප්‍රදේශයන්වල ජල කප්පාදුව සිදුකෙරේ.
“විසල් මාතලේ“ ජල ව්‍යාපෘතියේ නළ මාර්ග ඉදිකිරීමේදී සිදුවන අවහිරතා හේතුවෙන් එම ජලකප්පාදුව සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්