විජේදාස රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර ඇතිවූ සිදුවීමට විශාල ඉඩක් දෙන මාධ්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිහතමානීකම ගැන කතා කිරීමට එතරම් ඉඩක් වෙන් නොකරන්නේ ඇයිදැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කරයි.
“විජේදාස රාජපක්ෂ මහත්තයා කවදාවත් ආණ්ඩු පක්ෂයේ රැස්වීමට එන්නෙ නෑ. එතුමාට අහන්න තිබුණා මේ පිළිබඳව. අහලා දැනගන්න තිබුණා. දැන් එතුමා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි ගෙනාපු වෙලාවෙත් මෙහෙමමයි හැසිරුණේ. එතුමා මට මේ ගැන කතා කරන්න කාර් පාක් එකට එන්නය කිව්වා. මම එතුමාත් එක්ක සාකච්ඡා කරලා පැහැදිලි කළාට පස්සෙ එතුමා 20ට ඡන්දය දුන්නා. අන්තිම විනාඩි පහේ තමයි එතුමා ඡන්දය දුන්නෙ. එතුමාට කවුරුහරි වැරදි තොරතුරක් දීලා.
විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාට අමාත්‍යාංශයක් ලැබෙන්න ඕනෙ. ඒක අපි පිළිගන්නවා. හැබැයි තමන්ට ඇමතිකමක් නොලැබුණා කියලා නොදන්න භූතයෙක් හදලා මෙහෙම කරනවා නම් ඒක ඉතාම අසාධාරණයි.
ඒවගේම විජේදාස මැතිතුමා අද කියලා තිබුණා වත්මන් ජනාධිපතිතුමා එතුමාට තර්ජනාත්මකව කතා කළා කියලා. මේක අපි ඔබට කියන්න ඕනෙ, මේක සාමාන්‍ය දෙයක්. මම චන්ද්‍රිකා මැතිණියත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ ආණ්ඩුවෙ යම් දෙයක් වුණාම එතුමිය අපට දුරකථනයෙන් කතාකරලා අහනවා මොකද්ද ප්‍රශ්නෙ කියලා. මහින්ද මහත්තයාත් එහෙමයි. ඒවගේම ගෝඨාභය ජනාධිපතිතුමා විජේදාස මන්ත්‍රීතුමාට කතාකරලා, ඉතිහාසය මතක් කරලා දීලා කියලා තියෙනවා මේක වැරදියි ඔබතුමා කියපු දේ කියලා. හැබැයි විජේදාස මන්ත්‍රීතුමා කියලා තියෙනවා නෑ මං ඔබතුමාගෙ දරුවන් සම්බන්ධ කරගත්තෙ නෑ, මේක වැරදි අවබෝධයක් කියලා. මේ නිසා ජනාධිපතිවරයාත් මන්ත්රීවරයාත් අතර කතාවක් ගිහිල්ලා තියෙනවා මේක පැහැදිලි කරගැනීමක් හැටියට.
මම අහන්නෙ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ දුරකථන ඇමතුමට ඇයි මෙච්චර කතා කරන්නෙ ? ඇයි එවැනි නිහතමානී ජනාධිපතිවරයෙක් ගැන අපි කතා කරන්නෙ නැත්තෙ ? සාමාන්‍ය ගෙදරක වත්මන් ජනාධිපති ජීවත් වෙන්නෙ. පාවිච්චි කරන්නෙ වාහන තුනයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් බිලියන ගණනක් ඉතුරු කරගෙන තිබෙනවා එතුමා. එතුමාගෙ නිහතමානීකම ගැන කවුරුවත් කතා කරන්නෙ නැත්තෙ ඇයි ? ඒ පිළිබඳ මාධ්‍ය ඇයි දෙන්නෙ නැත්තෙ ? ඇයි මේවාට සජීවීව දෙන්නෙ ?” යනුවෙනුයි ඒ මහතා ප්‍රශ්න කළේ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ විජේදාස රාජපක්ෂ මහතාගේ සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා ඊයේ (16) ඒ මහතා විසින් කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
- Lanka News Web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්