ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන්වරුන් කාබුල් අගනුවර රජයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිල මාධ්‍ය හමුවක් පැවැත්වීය.
දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් මෙම ඓතිහාසික මාධ්‍ය හහුමවට සහභාගී වූවා පමණක් නොව, තලේබාන් සංවිධානයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිද්ගෙන් ප්‍රශ්න කරන්න වූහ.
මින් ඉදිරියට තමන් දෙස් විදෙස් කිසිදු පාර්ශ්වයක් සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, ඇමෙරිකාව ද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලීව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් තලේබාන් සංවිධානය වෙනුවෙන් සබිහුල්ලා මුජහිද් පැහැදිලි කළේය.
පවතින ඇෆ්ගන් රජයේ සියලු නිලධාරීන් සහ නිලධාරිනියන්ට, රාජය සේවක සේවිකාවන්ට සුපුරුදු ලෙස තමන්ගේ රාජකාරි කරගෙන යා හැකි බවත්, කිසිවකුගෙන් ඊට බාධාවක් එල්ල නොවනු ඇති බවත් ඒ ගැන අවිශ්වාසයක් ඇති කර නොගන්නා ලෙසත් මාධ්‍ය හමුවේ දී සබිහුල්ලා මුජහිද් පැහැදිලි කළේය.
කිසිදු පාර්ශ්වයකගෙන් පළි ගැනීමට තලේබාන් සංවිධානය කටයුතු නොකරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. මින් ඉදිරියට කිසිදු විදේශ පාර්ශ්වයකට ඇෆ්ගනිස්තානය ‘අතකොළුවක්’ කර ගැනීමට ඉඩ නොදෙන බව ද සබිහුල්ලා මුජහිද් පෙන්වා දුන්නේය.
මාධ්‍ය හමුවට සහභාගී වුණු මාධ්‍යවේදිනියන්ට ද ප්‍රශ්න ඇසීමට ප්‍රමුඛතාවය ලබා දීමක් සිදුවිය. ජාත්‍යන්තරයේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බාලිකා අධ්‍යාපනයට, කාන්තාවන්ට රැකියා කිරීමට, දේශපාලනයට ඔවුන්ට පිවිසීමටත් අවස්ථාව සලසා දෙන බවට තලේබාන් සංවිධානය පොරොන්දු වී තිබේ.
මාධ්‍ය හමුවේ දී සබිහුල්ලා මුජහිද් දිගින් දිගටම අවධාරණය කළේ ‘ඉස්ලාම් නීතිය සහ සංස්කෘතිය’ නමැති රාමුව තුළ ඕනෑම දේකට තලේබාන් සංවිධානයෙන් අවසර හිමිවන බවය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි