මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් සොයා බලා ,කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා.
ඊට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවට විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් ද ඇතුලත්.
ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර තිබෙනවා.
මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ විමර්ශනය සඳහා පූර්වගාමීව පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවලින් අනාවරණ කරගෙන ඇති කරුණු අධ්‍යයනය කර ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් හෝ වෙනත් එවැනි වරදවල් සිදුවී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීම ද කොමිසමට පැවරී තිබෙනවා.
වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව තවදුරටත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර පිළිබද නිර්දේශ ඉදිරිපත් ද වගකීම් අතරට අයත්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි