ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරය අමතමින් මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත. ඊයේ(15) පැවති මෙම මානව හිමිකම් රැස්වීමේ දී මානව හිමිකම් ක්ෂේත්‍රයේ චීනයේ ජයග්‍රහණ පිළිබඳව ද හෙතෙම විස්තර කර ඇත.
ගෝලීය මානව හිමිකම් පාලනයේ දී චීනය සෑම විටම සක්‍රිය දායකත්වයත් ලබා දෙමින් මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවාද සහ සහයෝගීතා ප්‍රවර්ධනය කර ඇත. එමෙන්ම ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සහ එහි සංවර්ධනයේ අයිතිය ක්‍රියාවට නැංවීම වේගවත් කරමින් විවිධ මානව හිමිකම්වල සමාන අවධාරණය සහ තුලිත වර්ධනය වෙනුවෙන් චීනය පෙනී සිටි බව ද Chen Xu මහතා සඳහන් කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්