ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව යනාදී ඇතැම් බටහිර රටවල් මානව හිමිකම් ප්රශ්නය දේශපාලනීකරණය කිරීම වහාම නතර කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් සහයෝගීතාවයට සංවර්ධනාත්මකව සහභාගි වන ලෙස චීනය ඉල්ලා සිටී.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තුන්වැනි කමිටු රැස්වීමේදී 100කට වැඩි රටවල්, ඕස්ට්‍රේලියාව හා ඇමරිකාව යනාදී ඇතැම් බටහිර රටවල් චීනයේ Xinjiang සහ Xizang ප්‍රදේශ කෙරෙහි ඊනියා අවධානයක් යොමු කිරීමට එරෙහි වෙමින් විවිධ අයුරින් චීනයට සහයෝගය ලබා දී තිබේ. මානව හිමිකම් මුවාවෙන් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙන් එම රටවල් රැස්වීමේදී විරෝධය පළ කර ඇත.
ඒ පිළිබඳව සඳහන් කරමින් Lin Jian මහතා පැවසුවේ, 100කට වැඩි රටවල් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී චීනයට සහයෝගය දැක්වීමෙන් ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව යනාදී ඇතැම් බටහිර රටවල් මානව හිමිකම් මුවාවෙන් දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම සැබවින්ම ඔවුන්ගේ අසාර්ථකත්වය පිළිබිඹු කර ඇති බවයි. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සමස්ත මානවයාගේ පොදු ව්‍යායාමයක් වන අතර ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සමගිය හා සහයෝගීතාව පවත්වා එයට පොදුවේ මුහුණ දිය යුතු බව ද Lin Jian මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි