ඇතැම් රටවල් මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම වහාම නතර කළ යුතු බව චීනය පවසයි.
චීනයේ ෂින්ජියං, ටිබෙට්, හොංකොං පිළිබඳ කරුණුවලදී චීනයේ ස්ථාවරය චීන නියෝජිත Yang Xiaokun මහතා ඊයේ (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරයේදී පැහැදිලි කළේය. බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රෙලියාව ඇතුළු ඇතැම් රටවල් හා චීනයට එරෙහි වන විවිධ සංවිධාන එම කවුන්සිලයේ යම් අවස්ථා භාවිත කර අසත්‍ය චෝදනා කරමින් චීනය අපකීර්තියට පත්කිරීමේ ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දකින බව හෙතෙම පැවසීය.
යම් රටවල් දීර්ඝ කාලයක් තිස්සේ අසත්‍ය තොරතුරු නිර්මාණය කර පතුරවමින් සිටිති. ඒ හරහා ඔවුන්ගේ දේශපාලන කුමන්ත්‍රණය පැහැදිලිව අනාවරණය වන බව Yang Xiaokun මහතා කියාසිටියේය. මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම සහ උපක්‍රමශීලී ලෙස අවභාවිත කිරීම නතර කර, පළමුව සිය රටේ මානව හිමිකම් ගැටලු විසඳා ගන්නා ලෙසත්, සැබෑ ලෙස මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැප වන ලෙසත් ඔහු එම රටවලින් ඉල්ලා සිටී.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්