එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද (22) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.
මෙරට වේලාවෙන් අද පස්වරු 1.40ට සමුළුවේ ප්‍රධාන වාර්ෂික සැසිවාරය ආරම්භ වුණු අතර ඉදිරි දින දෙක තුළ ලොව පුරා රටවල් 130ක නියෝජිතයන් තම රටවල් වල මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර ඉදිරිපත් කිරීමට නියමිතය.
මානව හිමිකම් කවුන්සිලයේ සභාපති නෂාත් ෂමීම් ඛාන් සැසිය අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ආරම්භ කළ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස්, එක්සත් ජාතීන්න්ගේ මහා මණ්ඩලයේ සභාපති වොල්කාන් බොස්කීර් මෙන් ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ ද ආරම්භක සැසිය අමතනු ලැබීය.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙනුයේ ඉන්ටර්නෙට් ඔස්සේ ය. මානව හිමිකම් සැසිවාරය ඉන්ටර්නෙට් ඔස්සේ පැවැත්වෙන්නේ ප්‍රථම වතාව ද මෙය වේ.
මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දා (24) දිනයේදී ය.
ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එදින ඉන්ටර්නෙට් ඔස්සේ ඊට ප්‍රතිචාර දැක්වීමට නියමිතය. අමාත්‍යවරයාට ඒ සඳහා විනාඩි 20ක කාලයක් ලැබෙනු ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ