ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිදුකළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඊයේ(27) වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

එම යෝජනාවෙන් ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතර ක්ෂණික, තිරසාර සහ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටී.එසේම ගාසා තීරයේ සිටින සිවිල් වැසියන්ගේ මූලික අවශ්‍යතා ඉටු වීම සහතික කරන ලෙසත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සහ බාධාවකින් තොරව සැපයිය යුතු බව ද සඳහන් වේ.
මෙම යෝජනාවට පක්ෂව රටවල් 120ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, රටවල් 14ක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත. එමෙන්ම තවත් රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී තිබේ. කැනඩාව විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ යෝජනාවට අවශ්‍ය තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වූ බැවින් එය සම්මත කර ගැනීමට ද අපොහොසත් විය. මෙම යෝජනාව මගින් ඊශ්‍රායලයට එරෙහිව ඔක්තෝබර් 7 වන දින සිදු කළ ප්‍රහාරය සහ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් රඳවා තබා ගැනීම ද හෙළා දැක තිබේ. එමෙන්ම සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටී.
සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාවට විරුද්ධ වු රටවල් අතරට ඊශ්‍රායල හිතවාදී රටවල් වන ඇමරිකාව, පැසිෆික් දුපත් රාජ්‍යයන් 5ක්, ඕස්ට්‍රියාව, හංගේරියාව සහ ක්‍රොඒෂියාව යන රටවල් ඇතුළත් වේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි