රිය අනතුරුවලින් සිදුවූ මරණ 10ක් පමණ ඊයේ (13) දිනයේ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉන් මරණ 7ක් සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන් අනතුරට ලක්වීමෙනි.
අනෙක් මරණ 3ට ගොදුරු වී ඇත්තේ පදිකයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බවත් දිනකට මරණ 10ක් වාර්තාවීම වසරකට මරණ 3,650ක් බවත් එය මෙරට මාර්ග පද්ධතිය අනුව ඉතා වැඩි සංඛ්‍යාවක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.
පසුගිය 2020 වසරේ දී 2,144ක් රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති අතර 2019 වසරේදී 2,839ක් රිය අනතුරුවලින් මියගොස් තිබේ.
2021 වසරේ මේ දක්වා කාලය තුළ 1,266ක් රිය අනතුරුවලින් මියගොස් ඇත. තුවාල ලැබූ සංඛ්‍යාව 7,000කට ආසන්නය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්