දැඩි වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවැතියහොත් මාර්තු මස 15 වැනිදායින් පසුව විදුලි නිෂ්පාදනය සඳහා ජලය සැපයීම අර්බුදයක් වනු ඇතැයි මහවැලි අධිකාරියේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
ජල විදුලි නිෂ්පාදන කටයුතු සඳහා මහවැලි සහ වාරි ජලාශ වලින් ඊයේ (24 වැනිදා) වන විටදී ද නිකුත් කරනු ලැබුවේ සියයට 25 ක පමණ ජල ධාරිතාවකි. වියළි කාලගුණික තත්ත්වයත් සමග වික්ටෝරියා ඇතුළු ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටීම නිසා ජල විදුලි නිෂ්පාදනයට පූර්ණ වශයෙන් ජලය සැපයීමට නොහැකි බව ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය මාර්තු 15 වැනිදා තෙක් නිකුත් කරන බවත් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා ජලය එතෙක් ජල විදුලි නිෂ්පාදනයට ලබාදීමට හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාවය ඊයේ (24 වැනිදා) දිනය වන විටදී සියයට 62 ක් දක්වා අඩුවී තිබිණි.
වගා කටයුතු සඳහා වික්ටෝරියා ජලාශයේ සියයට 40 ක පමණ ජල ධාරිතාවක් රඳවාගෙන ඇත. එම ජලාශයේ සියයට 25 ක ජල ධාරිතාවකින් වික්ටෝරියා ජල විදුලි බලාගාරයෙන් විදුලිය නිපදවා රන්දෙණිගල ජලාශයට මුදා හැරේ. රන්දෙණිගල ජලාශයේ ජලයෙන් රන්දෙණිගලදී විදුලිය නිපදවා රන්ටැඹේ ජලාශයට මුදා හැරෙන අතර රන්ටැඹේදීත් විදුලිය නිපදවා ජලය මිනිපේ අමුණ හරහා වම් ඉවුර සහ දකුණ ඉවුරට නිදහස් කෙරේ. කුඹුරු අක්කර පනස් දහසක පමණ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ඇළවල්වලට නිදහස් කෙරෙන්නේ අවස්ථා තුනකදී විදුලිය නිෂ්පාදනය කරමිනි. නිදහස් කරන ජල ධාරිතාවය අනුව ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක කෙරේ. දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් ඊයේ (24 වැනිදා) දිනයේ දී ද වැසි තත්ත්වයක් වාර්තා නොවූ අතර ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහත බසිමින් පවතින බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්