මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සොලී අද (08) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරුවේ මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඔහු පිළිගැනීමට නියමිතයි.
අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීම සඳහා ඔහු දිවයිනට පැමිණෙන බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ. සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලිය කොළඹ තුරඟ තරඟ පිටියේදී අද ආරම්භ වනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ