තමන් තවමත් ජාතික විස්සයි 20 ක්‍රිකට්වලින් සමුගෙන නොමැති බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන LPL තරගාවලියේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බවය.
විස්සයි 20 ක්‍රිකට්වලින් සමුගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කර නොමැති බවද ලසිත් මාලිංග පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලසිත් මාලිංග මෙම අදහස් පළකර තිබේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි