නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී අයර්ලන්ත කණ්ඩායමේ කර්ටිස් කැම්පර් පන්දු 04 කදී පිට පිට කඩුලු 04ක් දවාගැනීමට සමත්ව තිබේ.
20යි 20 තරගයකදී මීට පෙර එවැනි දස්කමක් දක්වා ඇත්තේ ලසිත් මාලිංග සහ රශිඩ් ඛාන් පමණි.
අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙමින් තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලුදෙනා දැවී ලකුණු 106ක් රැස්කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි