කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිතයින් 151 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පද්මකුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මාවනැල්ල ප්‍රදේශයේ අනවසරයෙන් විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති බවයි.
සිදුකළ PCR පරීක්ෂණයදී එම මනාල යුවළට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා රෝහල්ගතකර තිබේ.
ඔවුන්ගේ ආශ්‍රිතයින් 120 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි, කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පද්මකුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්යේ පුද්ගලයින් 32031 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්