අද (16) දින සිය නඩු විභාගය සදහා අධිකරණයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය නඩුව සම්බන්ධයෙන් සහ තවතු කරුණූ ගණනාවක් සම්බන්දයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කළේය.
අධිකරණයට අපහාස සිදුවන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ක්‍රියාත්මක වන නඩුව අද කැඳවීමට නියමිතව තිබිණි. ඒ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.
කෙසේ වෙතත් ඊයේ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න හේතුවෙන් අද දිනයට නියමිතව තිබූ සියලු නඩු කල්දමා තිබෙනවා.
මෙම නඩුව කල්දමා තිබෙන්නේ දෙවැනි වරටයි. මීට පෙර ඉකුත් නොවැම්බර් 06 වැනිදා නඩුව කැඳවා තිබූ අතර කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් අද දිනය දක්වා නඩුව කල්දමා තිබිණි.
නඩුව කල්දමා තිබුණද රන්ජන් රාමනායක මහතා උපරිමාධිකරණ සංකීර්ණය වෙත පැමිණියේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අද දිනයට නියමිතව තිබූ නඩු 90 කට අධික ප්‍රමාණයක් කල්දමා තිබියදී තමාගේ නඩුව පමණක් කැඳවීමේ සූදානමක් පවතින බවට වාර්තා වූ බැවින් අධිකරණය වෙත පැමිණෙන්නැයි තමාගේ නීතිඥයන් උපදෙස් ලබා දුන් බවයි.
නීතිපති තනතුර පිළිබඳව සිහින දකින එක්තරා පුද්ගලයෙකු තමාව ඇතුළට දැමීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බවට තමාට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දෙන රාමනායක මහතා පවසන්නේ තමාව ඇතුළට දමා හෝ නීතිපති තනතුර සඳහා සුදුසුකම් සපුරා ගැනීම ඔහුගේ අභිප්‍රාය වී ඇති බවයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්