ගත වූ පැය විසිහතරක කාලය ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දකින්නට ලැබිණි. එය මාසයකට වැඩි කාලයකට පසු ලක්ෂ දෙකකට වඩා අඩු ප්‍රමාණයක් වාර්තා වූ පළමු දිනය ද වේ. ගත වූ පැය විසිහතරේදී එරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,96,427 ක් වූ අතර, මරණ සංඛ්‍යාව 3,511ක් විය.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව මේ වනවිට එරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය මිලියන 26.95ක් වන අතර, වසංගතයට බිලි වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ හත්දහස පසු කර තිබේ. අමෙරිකාව සහ බ්‍රසීලය හැරුණු විට ලොව වඩාත්ම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
‘නමුත් මේ නිවැරැදි ප්‍රමාණය නොවෙයි. ඉන්දියාව කිසිදිනෙක තම රෝගීන්ගේ ප්‍රමාණය නිශ්චිතව සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් අයුරින් පීසීආර් පරීක්ෂණ සිදු කරන රටක් නොවේ. ‘අල් ජසීරා පුවත් සේවය එසේ වාර්තා කර තිබිණි. ‘එහෙත් පසුගිය සති කිහිපයට සාපේක්ෂව ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දකින්නට ලැබෙනවා.’ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි