රට පුරා සංචරණ සීමා පැනවීමෙන් පසු ඉකුත් මාසය පුරා සුරාසල් වසා තැබීම නිසා රජයට අහිමි වී තිබෙන ආදායම රුපියල් කෝටි 1,500කට අධික බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ගණන් බලා තිබේ.
කොරෝනා වසංගතය රටපුරා පැතිර යෑම නිසා ඉකුත් මැයි මස 13 වැනිදා සිට රට පුරා සංචාරය සීමා පැනවීම්ත් සමඟ සුරාසල් ද වසා දැමීමට පියවර ගැනිණි.
ඒ අනුව මාසයක් පුරා එක දිගට සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් සිදු වී තිබෙන අතර දිනකට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි 50කට අධික බවද සුරාබදු දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට