අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ කාර්‍යාලය සහ අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයාම සඳහා රුපියල් කෝටි 41ක් ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කිසිම විරුද්ධත්වයකින් තොරව කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 20,21,22,22 මහල් හා බටහිර කුලුනේ 22 වන මහලේ වර්ග අඩි 35,000ක් 2021 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31දක්වා මාසික කුලිය රු.169,65,093.00ක මුදලට කුලියට ලබා ගැනේ.
ඒ අනුව වසර දෙකක් සඳහා රුපියල් මිලියන 400ක දැවැන්ත කුළියක් ගෙවමින් අධිකරණ අමාත්‍යශය ලබන වසරේ ජනවාරි මස සිට ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුලුනේ පිහිටුවනු ඇත.
“කැබිනට් මන්ඩලය විසින් අනුමත කළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මුදල් ඇමතිවරයා ලෙස මාගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.” යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.
රට ගොඩනැගීමට වියදම් අඩුකරන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසු ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආන්ඩුව පුරවැසියන්ගේ බදු මුදල් යොදවා මෙතරම් දැවැන්ත කුළියක් ගෙවා පෞද්ගලික ගොඩනැගිල්ලකට අධිකරණ අමාත්‍යංශය ගෙනයාම මේ මොහොතේ ප්‍රමුඛතාවය දී කළ යුතු කටයුත්තක් දැයි ජනතාව ප්‍රශ්න කරති.
වසර දෙකක කාලයක් සදහා මෙතරම් විශාල මහජන බදු මුදල් ප‍්‍රමාණයක් මේ වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැනටමත් විවේචන එල්ල වී තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්