කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමේ යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ සඳහා සියලු පාර්ශ්වවල සහාය ආණ්ඩුවට ලැබී ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මාසයක පමණ කාලයක් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ තොග එහි තිබෙන බවයි. ඒ අනුව භාණ්ඩය හිගයක් ඇතිවනු ඇතැයි කිසිවෙකුත් කලබල නොවිය යුතු බව ඔහු පවසනවා.
දිවයින පුරා සිටින තොග වෙළඳුන්ට පිටකොටුවට පැමිණ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කර ඇති බවත්, ඒ වෙනුවෙන් පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කර විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද දිනයේදීද තොග වෙළඳුන් විශාල ප්‍රමාණයක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා පිටකොටුවට පැමිණ සිටින බවද අමාත්‍යවරයා පවසනවා.
කෙසේ නමුත් පසුගිය දිනවලදී වාර්තා වූයේ දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන එළවලු ගොවීන්ට තම අස්වැන්න විකුණා ගත නොහැකි තත්වයක් උද්ගතව තිබූ බවයි. මේ නිසා දඹුල්ලේ පමණක් එළවළු කිලෝ මිලියන 02 කට වැඩි ප්‍රමාණයක් අපතේ ගොස් ඇති බවද වාර්තා විය.
- Lanka News Web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්