ගෙවුනු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 746 ක් මෙරටින් හදුනාගනු ලැබුවා.
ඒ සමගම මෙරට සමස්ත කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 524,937 ක් දක්වා ඉහල යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
මේ අතර කෝවිඩ් ආසාදනය වීමෙන් මෙරටදී මියගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13 ,267 ක් දක්වා දක්වා ඉහල ගියා.
ඒ අලුතෙන් වාර්තාවූ කෝවිඩ් මරණ 38 ත් සමගයි.
මෙය මාස තුනකට පසු මෙරටින් වාර්තාවූ අඩුම කොරෝනා මරණ සංඛ්‍යාවයි.
එම මරණ පෙරේදා දිනයේදී සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 20 ක් සහ කාන්තාවන් 18 ක්.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඳ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේ කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත් වූ ළමුන් 67 දෙනා අතරින් 13 දෙනෙකු නිවසේදී මියගොස් ඇති බවයි.
එබැවින් යම් රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම රෝහල් ගත වන ලෙසයි වෛද්‍යවරයා ඉල්ලා සිටියේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට