කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ මෙරට ගුවන් තොටුපල සංචාරකයින් සඳහා යළි විවෘත කර තිබෙනවා.
ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය ඕමානයේ මස්කට් නගරයේ සිට අද අලුයම දිවයිනට පැමිණයා.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරණ කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු රැගත් යානයක් ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි බවයි.
මාලදිවයින, පකිස්ථානය, තුර්කිය, බහරේන් ඇතුළු රටවල් කිහිපයක සිට තවත් ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
ඔවුන් පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ, පියවර 3 ක් යටතේ ගුවන්තොටුපොළ සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපල වානිජ ගුවන් ගමන් සඳහා වසා දමනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මස 19 වනදා.
ඒ හේතුවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඍජු හා වක්‍ර ප්‍රතිලාභ ලබන ලක්ෂ 30 කට ආසන්න පිරිසකට බලපෑම් එල්ලවූ බව සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කළා.
සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙසයි යුක්රේන සංචාරකයින් රැගෙන ඒමට පියවර ගනු ලැබුවේ.
එම අත්දැකීම්ද සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙරට ගුවන් තොටුපල විවෘත බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්