වසර දෙකකට ආසන්න කාලයකට පසුව බංග්ලාදේශයේ පාසල් නැවත විවෘත කර තිබේ.
කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් බංග්ලාදේශයේ පාසල් වසා දැමීමට පියවර ගැනුණු අතර මාස 18 කට පසුව එරට පාසල්වල අධ්‍යයන කටයුතු අද (12) සිට නැවත ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාසල් වසා දැමීමත් සමඟ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකළ නමුත් ළමුන් බොහෝ පිරිසකට එම අවස්ථාව නොමැති වීමේ තත්ත්වය තුළ පාසල් නැවත විවෘත කිරීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමුව තිබුණි.
ඒ අනුව අද සිට පාසල්වල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කෙරුණු අතර ළමුන්ගේ පැමිණීම ද ඉහළ මට්ටමක පැවති බව බංග්ලාදේශ බලධාරීන් පවසයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්