මාස 5කට පසු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර මගී ගුවන් යානයක් ළඟා වී තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඉකුත් ජුනි මාසයේ සිට වසා තැබුණු එරට තුලාමරි ගුවන් තොටුපළට මෙලෙස ළඟා වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයක් වීම විශේෂත්වයක්.
මෙය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානය යැයිද ඕස්ට්‍රේලියාවේ සී.බී.එස් පුවත්සේවය අද(07) වාර්තා කළේය.
මෙලෙස මෙල්බර්න් ගුවන්තොටුපළට බස්සවා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 604 දරණ ගුවන් යානයයි.
මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සී.බී.එස් පුවත්සේවය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඕස්ට්‍රේලියා – නවසීලන්ත භාර ව්‍යාපාර සංවර්ධන කළමනාකරු දිල්ෂාන් පිටවලගේ මහතා මෙසේ කියා සිටියේය.
“කොවිඩ්-19 නිරෝධායන රෙගුලාසි ලිහිල් කළාට පසු මෙහෙට ගොඩබසින පළමු ජාත්‍යන්තර ගුවන් සේවය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. අද (07) උදේ 7.48 ට අපේ ගුවන් යානය ගොඩබස්සවනු ලැබුවා.දැනට ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය අනුව යම් යම් සීමාවන්ට යටත්ව තමයි මගීන් මෙහෙට ගේන්න පුළුවන්. දැනට ගේන්න පුළුවන් 20-30 අතර ප්‍රමාණයක්. මෙය ඉදිරියේ දී වෙනස්වෙන්න පුළුවන්” යැයිද හෙතෙම කියා සිටියේය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග