වසා දමා ඇති බේරුවල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 32 ක සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 මාළු කිලෝග්‍රෑම් තුන් ලක්ෂ පනස්දහසක් පමණ ගොඩබෑමට නියමිතව තිබෙන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම තත්ත්වය මත බහුදින යාත්‍රා තුළ තිබෙන තොග පාරිභෝගිකයාට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සැලසුමක් කඩිනමින් සකස් කිරීමට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහට උපදෙස් දී තිබේ. ඒ, ඇමැතිවරියගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා (24 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.
දිවයින පුරා පිහිටා ඇති ධීවර වරායන් 20 ක් අතරින් පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙඳසල සමග ඍජුව සබඳතා පැවැත්වූ ගාල්ල, බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් මේ වන විට වසා දමා ඇත. ඒ අනුව මෙරට ප්‍රධානතම කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්