බුත්තල පොරමැඩිල්ල වනාන්තරයෙන් අක්කර දෙසීයක පමණ භූමියක් පෞද්ගලික සමාගමකට මඤ්ඤොක්කා වැවීමට ලබාදීමට සූදානම් වන බවට මොණරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
එම භූමිය ලබාදුනහොත් ජනතාව සමග පැමිණ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් වට කිරීමට තමන් නායකත්වය දෙන බවද හෙතෙම පැවසීය.
අක්කර තුන්සිය පනහක් පමණ ඇති පොරමැඩිල්ල වනාන්තරයෙන් මෙසේ අක්කර දෙසියයක් පමණ ලබා දීමේ සූදානමක් ඇතැයි ද පැවසූ හෙතෙම එය පෙහෙලි කළහොත් එහි සිටින අලින් ඇතුළු සතුන්ට යන එන මං නැතිව ගම්මැද මිනිස්සු මරා දමනු ඇති බවද කියා සිටියේය.
මෙම තීන්දු ගන්නා පාලකයන් සිටින්නේ අඩි දහයක් විතර උඩින් බවත් මේ තීරණය මගින් පරිසර සහ ගොවි අර්බුද ඇති කිරීමට ඉඩ දිය නොහැකි බව ද පැවසූ ඔහු මෙම තීන්දුව හකුලා ගත්තේ නැත්නම් තමන් ගේ නායකත්වයෙන් අරගලයක් පටන් ගන්නා බවත් ජගත් පුෂ්පකුමාර යනු කවුද පෙන්වන්න සූදානම් බවත් පැවසුවේය.
බුත්තලදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්