චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපය මව් රටට යළි එක්වීමේ 25 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සංස්කෘතික හා කලා ප්‍රසංගයක් අද(19) රාත්‍රියේ පැවැත්වේ.
මැකව් විශේෂ පරිපාලන කලාප රජයේ ප්‍රධානත්වයෙන් චීන මාධ්‍ය සමූහයේ නිෂ්පාදනයෙන් ඉදිරිපත් කෙරෙන එම කලා ප්‍රසංගය අද(19) රාත්‍රී 8ට චීන මාධ්‍ය සමූහයට අයත් රූපවාහිනි නාලිකා, ගුවන් විදුලි නාලිකා රැසක හා නව මාධ්‍ය වේදිකාවන්හි සජීව ලෙස විකාශය කිරීමට නියමිතය.

එම කලා ප්‍රසංගයට එක්වූ ප්‍රධාන ශිල්පීන් ශිල්පිනියන් හා සංදර්ශන කණ්ඩායම් මැකව් කලාපයේ ඒ ඒ ක්ෂේත්‍රවලින් පැමිණි පිරිස වීම විශේෂත්වයකි. “එක්ව සමරමින් පොදු අනාගතයක් නිර්මාණය කිරීම ” යන තේමාවෙන් යුත් එම කලා ප්‍රසංගයෙන් මැකව් කලාපය මව් රටට යළි එක්වීමේ ගෙවී ගිය වසර 25 තුළ එහි පුරවැසියන් මව් රට හා මැකව් කෙරෙහි දක්වන ආදරය පිළිබිඹු කෙරේ. එමෙන්ම මැකව් විශේෂ ලක්ෂණයන් සහිත “එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ලබා ගත් ජගත් ප්‍රජාව ද පොදුවේ පිළිගන්නා දැවැන්ත ජයග්‍රහණ ද එම කලා ප්‍රසංගයෙන් නිරූපනය කෙරෙනු ඇත.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය
ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ චීනයේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට