සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (09) පැවති පළමු 20-20 තරඟය ලකුණු 18කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
තරඟයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තේය.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් ඇන්ඩ්‍රේ රසල් ලකුණු 51ක් රැස්කළ අතර ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 27ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී ජොෂ් හැස්ල්වුඩ් ලකුණු 12කට කඩුලු 3ක් දවාගත් අතර මිචෙල් මාෂ් ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 127ක් පමණි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාෂ් ලකුණු 51ක් රැස්කළ අතර මැතිව් වේඩ් ලකුණු 33ක් රැස්කළේය.
පන්දු යැවීමේදී ඕබෙඩ් මැකෝයි ලකුණු 26කට කඩුලු 4ක් දවාගත් අතර හේඩන් වොල්ෂ් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තේය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්