මැගසින් බන්ධනාගාර තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට විසි කළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් සොයා ගෙන තිබෙනවා.
එය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා බොරැල්ල පොලීසිය වෙත භාර දෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මෙම පාර්සලයේ තිබී ජංගම දුරකථන දෙකක්, චාජරයක්, සිම් කාඞ්පතක්, දුරකථන බැටරි දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන කුඩා පැකට් දෙකක්, ගංජා බවට සැකකෙරෙන පාර්සලයක්, දුම්කොළ 10 ක් සහ ලයිටර් දෙකක් සොයා ගෙන තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි