ලාංකීය යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා විසින් ගායනා කළ “මැණිකේ මගේ හිතේ ” ගීතය මේ දවස්වල සාමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා
හින්දි සිනමාවේ දැවැන්තයෙකු වන අමිතාබ් බච්චන් පවා මේ ගීතයට වශී වී තිබීමත් විශේෂත්වයක්. ඒ විතරක් නෙවෙයි ජනප්‍රිය තරු රැසක් මේ සින්දුවට ටික්-ටොක් වීඩියෝ කරලා තියෙනවා.
ලංකාවේ මෙන්ම ඉන්දියාව තුළත් ජනප්‍රියත්වයට පත් මේ ගීතය අනුකරණය කිරීමට ඉන්දීය දරුවන් කිහිපදෙනකු මෙන්ම ලාංකීය දරුවන් කිහිපදෙනකුත් මෑතකදී කටයුතු කර සිටියා.
ඉන්දිය මලයාලම් රූපවාහිනි නාලිකාවක පැවැති ටොප් සිංගර් නමැති රියැලටි වැඩසටහනකදී පුංචි දියණියක් මේ ගීතය ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් වර්තමානය වනවිට සමාජ මාධ්‍ය තුළ සීඝ්රයෙන් සංචරණය වෙමින් තිබෙනවා.
මේ විදිහට ඒ ගීතය ගායනා කරන්නේ කේරළයේ පදිංචි Miah Kutty නමැති අවුරුදු 5ක දැරියක්. මේ අවුරුදු පහක් වයසැති පුංචි ගායිකාවගේ සුන්දර ජායාරූප පෙළක්.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ